Team Sri Lanka

කොළඹ රීඩ් මාවතේ සති අන්තයේ පැවැති ඒෂියා එමිරේට්ස් රග්බි 7 සත් සාමාජික රගර් තරගාවලියේ පස්වන ස්ථානය ශ්රී ලංකා කණ්ඩායමට හිමි විණි.
මේ තරගාවලියේ සූරතාව ජපානය හිමිකර ගත්තේ අවසාන මහා තරගයේ දී ලකුණු 28 - 14කින් හොංකොං කණ්ඩායම පරාජය කරමිනි.
ශ්රී ලංකාවේ දී සති අන්තයේ දී පැවැතියේ ආසියානු සත් සාමාජික එමිරේට්ස් කුසලාන දෙවන තරගාවලියයි. මෙහි පළමු තරගාවලිය චීනයේ ගිය මස පැවැති අතර තරගාවලි දෙකේම ලකුණු එක් කිරීමෙන් ආසියා සත් සාමාජික සූරතාව හිමි වූයේ චීනයටය.
සති අන්තයේ රීඩ් මාවතේ පැවැති මූලික වටයේ තරග කිහිපයේ දී ශ්රී ලංකාව දක්ෂතා දක්වමින් ලකුණු 21 - 19කින් එක්සත් අරාබි එමීර් රාජ්යයත්, ලකුණු 26 - 21කින් ඉන්දියාවත් පරාජයට පත් කළේය. එහෙත් එම වටයේ දී ශ්රී ලංකාව හොංකොං පිලට පරාජය වූයේ ලකුණු 5 – 17කිනි.
ශ්රී ලංකාව සහ චීනය අතර පැවැති අර්ධ අවසාන පූර්ව තරගයේ දී තියුණු ගැටුමකින් පසු චීනය ලකුණු 22 – 17කින් ජය ලැබීය.
පස්වන ස්ථානය සඳහා පැවැති තරගාවලියේ දී ශ්රී ලංකාව ලකුණු 26 – 10කින් එක්සත් අරාබි එමීර් කණ්ඩායමත් ලකුණු 33 – 05කින් මැලේසියාවත් පරාජය කර පහසුවෙන්ම පස්වන ස්ථානය හිමිකර ගත්තේය.
පස්වන ස්ථානය සඳහා පැවැති තරග දෙකේ දී දිලුෂ දංගේ, ඩී. සූරියබණ්ඩාර, කවිඳු පෙරේරා, ගයාන් පෙරේරා, පසිඳු බණ්ඩාර සහ මල්ෂා පෙරේරා ට්රයි (උත්සාහක) ලබා ගත් අතර එම ට්රයි ගෝල් බවට පරිවර්තනය කළේ ෂාහිඩ් සුම්රි සහ ශ්රීනාත් සූරියබණ්ඩාරය.
පසුගියවර මෙම ආසියානු සත් සාමාජික රගර් තරගාවලියේ දී ශ්රී ලංකා කණ්ඩායම හිමිකර ගත්තේ හත්වන ස්ථානයයි.
The National Olympic Committee of Sri Lanka (NOC SL) was inaugurated on 8th April 1937 at a meeting of representatives of Athletic, Swimming and Boxing Associations. As resolved on this day, the first meeting of the Ceylon Olympic and Empire Games Association was held on 30th April 1937.
"Sri Lanka Olympic House",
100/9F, Independence Avenue,
Colombo-07
info@olympic.lk
+94-11-268-4420
+94-11-268-4429
NOC Sri Lanka © 2026. All rights reserved.
Powered by IDM Nations Campus.