Team Sri Lanka

 

 

වසරේ ලෝක මලල ක්‍රීඩකයා සම්මානයට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගත්


වසරේ ලෝක මලල ක්‍රීඩකයා සම්මානයට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගත්

Updated Date: 7th October, 2026

2026 වසරේ ආසියානු ක්‍රීඩා, පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා සහ තවත් ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියන් රැසක දී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කම් දිනා සිටින ශ්‍රී ලංකාවේ 23 හැවිරිදි රුමේෂ් තරංග පතිරගේ වසරේ ලොව හොඳම පිරිමි මලල ක්‍රීඩකයාට පිරිනැමෙන සම්මානය සඳහා ලෝක මලල ක්‍රීඩා සංගමය නම් කර ඇත.

ලෝක මලල ක්‍රීඩා සංගමය මගින් වසරේ දක්ෂතම මලල ක්‍රීඩකයා සම්මානය වෙනුවෙන් ක්‍රීඩකයන් දස දෙනෙකු නම් කර ඇති අතර මේ සම්මානය නොවැම්බර් 29 වැනිදා මොනාකෝහි දී‍ ප්‍රදානය කෙරේ.

රුමේෂ් තරංග 2026 වසර තුළ දී මේ දක්වා දිනා සිටින රන් පදක්කම් සංඛ්‍යාව හයකි. ඊට පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා, ආසියානු ක්‍රීඩා සහ ඩයමන්ඩ් ලීග් ජාත්‍යන්තර මලල ක්‍රීඩා වැනි ලොව ප්‍රධානම මලල ක්‍රීඩා තරගාවලියන් ද අයත්ය.

මේ කාලය තුළ මොහු මීටර 92.62ක් දුරකට හෙල්ල විසි කරමින් ලෝක වාර්තාව පිහිට වූ අතරම සහභාගි වූ තරග 14න් 13කම ප්‍රථම ස්ථාන දිනා ගනිමින් රන් පදක්කම් ද හිමිකර ගෙන සිටී.

ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමය ප්‍රකාශයට පත්කර සිටින මේ ක්‍රීඩකයන් දස දෙනා තෝරාගෙන ඇත්තේ ක්‍රීඩා දත්ත පිළිබඳ විශේෂඥ දැනුමකින් හෙබි අට දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් මගිනි. ඊට ලෝක මලල ක්‍රීඩා සංගමයේ නියෝජිතයන් දෙදෙනෙකු සහ අදාළ මහාද්වීප හයේ සංගමයක නියෝජිතයෙකු බැගින් හය දෙනෙකු ඇතුළත්ය.

අවසාන ශ්‍රේණිගත කිරීම සිදු කරනුයේ ක්‍රමවේදයන් හතරකට ඡන්දය භාවිතා කිරීමෙනි. මෙහි සමස්ත ඡන්දවලින් සියයට 25ක් එක් කොටසකට බැගින් කොටස් හතරට හිමි වේ.

එක් කණ්ඩායමකට ලෝක මලල ක්‍රීඩා ප්‍රේක්ෂකයන්, 2026 වසර තුළ ලෝක මලල ක්‍රීඩා තරගාවලියන්ට සහභාගි වී ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන්, නිල වශයෙන් සහභාගි වී සිටි මාධ්‍යවේදීන් සහ ජාත්‍යන්තර මලල ක්‍රීඩා පවුල් සාමාජිකයන් ද ඇතුළත්ය.

අවසාන තේරීම සඳහා අවසාන වටයට සුදුසුකම්ලත් ක්‍රීඩකයන් හය දෙනෙකු කොටස් දෙකකට බෙදා එය නොවැම්බර් 10 සහ 11 යන දිනවල ප්‍රකාශයට පත් කෙරේ. මේ හය දෙනෙකුගෙන් සමන්විත ක්‍රීඩක පිරිස මොනාකෝ සම්මාන උලෙළට ආරාධනා ලබන අතර වසරේ ලෝක මලල ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව නොවැම්බර් 29 වැනිදා ප්‍රකාශයට පත් කෙරේ.

ලෝක මලල ක්‍රීඩකයා සම්මාන උලෙළට 2026 වසරේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩකයෙකු ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනය මගින් නම් කෙරුණු ප්‍රථම වතාව මෙය වේ.

රුමේෂ් තරංග පතිරගේට මේ වසර තුළ පිරිනැමුණු රන් පදක්කම් පහත දැක්වේ.

මාර්තු 28 - හෝමාගම දියගම ශ්‍රී ලංකා ජාතික ශුරතාවලියේ දී රන් පදක්කම - මීටර 89.37යි

ජුනි 04 - රෝමයේ ඩයමන්ඩ් ලීග් තරගාවලිය රන් පදක්කම - මීටර 92.62

ජුලි 31 - ස්කෝට්ලන්තය ග්ලාස්ගොව් පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළ රන් පදක්කම - මීටර 89.75

අගෝස්තු 27 - ස්විට්සර්ලන්තය සුරිච් ඩයමන්ඩ් ලීග් තරගාවලිය රන් පදක්කම - මීටර 92.07

සැප්තැම්බර් 13 - හංගේරියාව බුඩාපෙස්ට් ලෝක මලල ක්‍රීඩා උලෙළ රන් පදක්කම - මීටර 91.09

සැප්තැම්බර් 28 - අයිචි නගෝයා ජපානය ආසියානු ක්‍රීඩා උලෙළ රන් පදක්කම - මීටර 88.55

බන්දුල මොල්ලිගොඩ


Our Partners
MAS Lovi Cinnamon Carnage Akbar IDM

The Olympic Partners


About us

The National Olympic Committee of Sri Lanka (NOC SL) was inaugurated on 8th April 1937 at a meeting of representatives of Athletic, Swimming and Boxing Associations. As resolved on this day, the first meeting of the Ceylon Olympic and Empire Games Association was held on 30th April 1937.


Get In Touch

"Sri Lanka Olympic House",
    100/9F, Independence Avenue,
    Colombo-07

info@olympic.lk

+94-11-268-4420

+94-11-268-4429

NOC Sri Lanka © 2026. All rights reserved.

Powered by IDM Nations Campus.