Team Sri Lanka

 

 

ලෝක මලල ක්‍රීඩකයා සම්මානයට පාත්‍රවීමට නම් කර සිටින එකම ආසියාතිකයා රුමේෂ් තරංග


ලෝක මලල ක්‍රීඩකයා සම්මානයට පාත්‍රවීමට නම් කර සිටින එකම ආසියාතිකයා රුමේෂ් තරංග

Updated Date: 9th October, 2026

ලෝක මලල ක්‍රීඩා සංගමය මගින් 2026 වසරේ ලොව හොඳම මලල ක්‍රීඩකයා තේරීමේ තරගයට නම් කර සිටින ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග පතිරගේ මේ සඳහා නම් කර සිටින එකම ආසියාතික මලල ක්‍රීඩකයා ද වේ.

වසරේ හොඳම මලල ක්‍රීඩකයා සම්මානයට මලල ක්‍රීඩා ජවන (Track) අංශයෙන් ක්‍රීඩකයන් හය දෙනෙකු සහ පිටිය (Field) අංශයෙන් ක්‍රීඩකයන් සිව්දෙනෙකු මේ වන විට ලෝක මලල ක්‍රීඩා සංගමය විසින් නම් කර තිබේ.

මේ සඳහා නම් කර සිටින එකම ආසියාතික මලල ක්‍රීඩකයා වන ශ්‍රී ලාංකික 23 හැවිරිදි රුමේෂ් තරංග පතිරගේ මේ වන විට මේ වසර තුළ දී පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උලෙළ, ආසියානු ක්‍රීඩා උලෙළ, ඩයමන්ඩ් ලීග් තරගාවලිය ඇතුළු තරගාවලියන් හයකම රන් පදක්කම් හිමි කරගෙන සිටී.

2026 වසරේ ලෝක මලල ක්‍රීඩකයා ප්‍රකාශයට පත් කරනුයේ නොවැම්බර් 29 වැනිදා මොනාකෝහි දී ය. රුමේෂ් තරංගට මේ සම්මානය දිනා ගැනීමට අවස්ථාව උදාවුවහොත් ඔහු එසේ පත්වන පළමු ශ්‍රී ලාංකිකයා වන අතරම ලෝක මලල ක්‍රීඩා ඉතිහාසයට ද එක්වීමට ද අවස්ථාව උදා වේ.

මීට පෙර මෙලෙස ලෝක මලල ක්‍රීඩා සූරතාවලියේ දී සහ ඔලිම්පික් තරගාවලියන් හි ප්‍රථම ස්ථාන දිනා රන් පදක්කම් දිනා ඇති එකම ආසියාතිකයා වන්නේ කටාරයේ මුටාෂ් එෂා බාෂිම්ය.

1991 ජුනි 24 උපත ලද මුටාෂ් බාෂිම් ලෝක සූරතාවයේ සහ ඔලිම්පික් තරගාවලියේ උස පැනීමේ පිරිමි තරගයෙන් රන් පදක්කම් දිනා සිටී. ඔහුගේ මේ සඳහා හොඳම දක්ෂතාව මීටර 2.43ක් (අඩි 7යි අඟල් 11 ½ක්) උස පැනීමය.

මීටර 1.88ක් (අඩි හයයි අඟල් දෙකක්) උසැති මේ ක්‍රීඩකයා බරින් කිලෝග්‍රෑම් 70ක් (රාත්තල් 154) දැනට මොහු 35 හැවිරිදි වියෙහි පසු වේ.

එෂා බාෂිම් ලෝක සූරතා තුනක දී ම ලෝක සූරයා වී තිබේ. 2017 ලන්ඩනයේ ලෝක මලල ක්‍රීඩා තරගාවලිය, 2019 දෝහා කටාර් ලෝක තරගාවලිය සහ 2022 අමෙරිකාවේ එයුගීන් ලෝක සූරතාව එම තරගාවලියන්ය.

මොහු 2021 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ උස පැනීමේ සම සූරයා ද වී රන් පදක්කම දිනා ගත්තේය.

2017 වසරේ දී එෂා බාෂිම්ගේ ක්‍රීඩා දිවියේ හැරවුම් ලක්ෂය වූයේ ලෝක මලල ක්‍රීඩා සංගමය වසරේ දක්ෂතම මලල ක්‍රීඩකයා ලෙසට එෂා බාෂිම්ව නම් කිරීමෙනි.

2026 වසරේ ලෝකයේ දක්ෂතම මලල ක්‍රීඩකයා තෝරා ගැනීම සඳහා ලෝක (ජාත්‍යන්තර) මලල ක්‍රීඩා සංගමය මගින් ප්‍රකාශයට පත්කර සිටින පිරිමි ක්‍රීඩකයන් දසදෙනා පහත දැක්වේ.

• කෙනත් බෙඩ්නාරක් (අමෙරිකා එක්සත් ජනපදය) - කෙටිදුර දිවීම
• ක්‍රිස්ටියන් සෙ (ස්ලෝවේනියාව) - කවපෙත්ත විසි කිරීම
• ඇන්ඩි ඩයස් හර්නැන්ඩෙස් (ඉතාලිය) - තුන්පිම්ම පැනීම
• ඇලිසන් ඩොස් සැන්ටොස් (බ්‍රසීලය) - මීටර 400 කඩුලු පැන දිවීම
• මොන්ඩෝ ඩුප්ලෙන්ටිස් (ස්වීඩනය) - රිටි පැනීම
• කොලන් කෙබිනට්ෂ්පි (බොට්ස්වානා) මීටර 400 දිවීම
• ජොෂ් කෙර් (මහා බ්‍රිතාන්‍ය සහ උතුරු කැරොලිනා ) - මීටර 1500 / සැතපුම
• රුමේෂ් තරංග පතිරගේ (ශ්‍රී ලංකාව) - හෙල්ල විසි කිරීම
• සෙබස්ටියන් සාවෙ (කෙන්යාව) - මැරතන්
• ජාකොබ් තාප් (අමෙරිකා එක්සත් ජනපදය) - මීටර 110 කඩුලු පැන දිවීම

බන්දුල මොල්ලිගොඩ


Our Partners
MAS Lovi Cinnamon Carnage Akbar IDM

The Olympic Partners


About us

The National Olympic Committee of Sri Lanka (NOC SL) was inaugurated on 8th April 1937 at a meeting of representatives of Athletic, Swimming and Boxing Associations. As resolved on this day, the first meeting of the Ceylon Olympic and Empire Games Association was held on 30th April 1937.


Get In Touch

"Sri Lanka Olympic House",
    100/9F, Independence Avenue,
    Colombo-07

info@olympic.lk

+94-11-268-4420

+94-11-268-4429

NOC Sri Lanka © 2026. All rights reserved.

Powered by IDM Nations Campus.