Team Sri Lanka

 

 

2028 ඔලිම්පික් සහ විසිඑක් වන ආසියානු ක්‍රීඩා ඉලක්ක කරගෙන ක්‍රියාදාමයන් රැසක් - ඔලිම්පික් කමිටු සභාපති පවසයි


2028 ඔලිම්පික් සහ විසිඑක් වන ආසියානු ක්‍රීඩා ඉලක්ක කරගෙන ක්‍රියාදාමයන් රැසක් - ඔලිම්පික් කමිටු සභාපති පවසයි

Updated Date: 5th October, 2026

2028 මීළඟ ඔලිම්පික් ක්‍රීඩා උලෙළට සහ විසිඑක් වන ආසියානු ක්‍රීඩා උලෙළට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඒ සඳහා හොඳින් සූදානම් කිරීමේ අරමුණින් මනා පුහුණු කටයුතු ඇතුළු ක්‍රියාදාමයන් රැසක් ළඟදීම ආරම්භ කිරීමට අපේක්ෂා කරන්නේ යැයි ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති අසංග සෙනෙවිරත්න අයිචි නගෝයා ආසියානු ක්‍රීඩා උලෙළින් පසුව ප්‍රකාශ කළේය.

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් උසස් මට්ටමකට ගෙන ඒම සඳහා අධි කාර්යය සාධන කේන්ද්‍රයක් (High Performance Centre) පිහිටුවීම සහ ඔවුනට ජාත්‍යන්තර මට්ටමේ උසස් පුහුණුවක් ලබාදීම මේ වැඩසටහනේ ප්‍රධාන අංගයන්ය.

ශ්‍රී ලංකාව මෙවර අයිචි නගෝයා ආසියානු ක්‍රීඩා උලෙළේ දී රන් පදක්කමක් දිනා ගත්තේ වසර විසිහයක කාලයකට පසුව යැයි කී ජාතික ඔලිම්පික් කමිටු සභාපතිවරයා ඒ වෙනුවෙන් හෙල්ල විසි කිරීමේ ලෝක සූර රුමේෂ් තරංග පතිරගේට කෘතඥ වන බව ද පැවසීය.

මේ වසර තුළ දී මෙතරම් රන් පදක්කම් සංඛ්‍යාවක් හෙල්ල විසි කිරීමෙන් පමණක් ශ්‍රී ලංකාවට හිමි වනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කළේ නැහැ. එහෙත් රුමේෂ් තරංග යොවුන් ක්‍රීඩකයා මව්බිමට රැගෙන ආවේ විශාල කීර්තියක් මෙන්ම ගෞරවයක්.

වත්මන් දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කුසලතා වර්ධනය කිරීමට අධි කාර්යය සාධක කේන්ද්‍රයක් ඉදිකිරීමට ක්‍රීඩා අමාත්‍යාංශයත් ජාතික ඔලිම්පික් කමිටුවත් තීරණය කර තිබෙනවා.
එහි නවීන තාක්ෂණ ක්‍රමවේදයන් අපගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහජ දක්ෂතා තවත් ඔපවත් කරාවි.

හෙල්ල විසි කිරීම වැනි අප අපේක්ෂා නොකළ තවත් ක්‍රීඩා කිහිපයකින් පදක්කම් දිනා ගැනීමට අපගේ යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරියේ දී සමත් වේවි.

සුදුසුකම් ලත් ජාත්‍යන්තර මට්ටමේ පුහුණුකරුවන්ගේ සේවය ලබා ගැනීම උසස් මට්ටමේ ධාවන පථ ඇතුළු ක්‍රීඩාංගණ සැකසීම ක්‍රීඩා සංවර්ධන කටයුතු ඉදිරියේ දී ක්‍රියාත්මක වනු ඇතැයි ද ජාතික ඔලිම්පික් කමිටු සභාපති අසංග සෙනෙවිරත්න ප්‍රකාශ කළේය.


Our Partners
MAS Lovi Cinnamon Carnage Akbar IDM

The Olympic Partners


About us

The National Olympic Committee of Sri Lanka (NOC SL) was inaugurated on 8th April 1937 at a meeting of representatives of Athletic, Swimming and Boxing Associations. As resolved on this day, the first meeting of the Ceylon Olympic and Empire Games Association was held on 30th April 1937.


Get In Touch

"Sri Lanka Olympic House",
    100/9F, Independence Avenue,
    Colombo-07

info@olympic.lk

+94-11-268-4420

+94-11-268-4429

NOC Sri Lanka © 2026. All rights reserved.

Powered by IDM Nations Campus.