Team Sri Lanka

ශ්රී ලංකාවේ වත්මන් මලල ක්රීඩක ක්රීඩිකාවන් ජපානයේ අයිචි නගෝයා විසිවන ආසියානු ක්රීඩා උලෙළේ දී ප්රගතියක් නොපෙන් වූ අතර මේ ක්රීඩාවේ අඩුපාඩු ඉක්මනින්ම සකස් කර ගත යුතුව ඇතැයි එම ක්රීඩා උලෙළට සහභාගි වූ ශ්රී ලංකා මලල ක්රීඩා කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු, කළමනාකරු සහ කැලණි විශ්වවිද්යාලයේ ජ්යෙෂ්ඨ කථිකාචාර්ය අයප්පෙරුම මුදියන්සේලාගේ රණසිංහ ප්රකාශ කරයි.
ක්රීඩක ක්රීඩිකාවනගේ එක් දිනක පෝෂණ ආහාර සහ විටමින් වර්ග සැපයීමට රුපියල් 3000 - 4000ක් වැය වන අතරම ඊට අමතරව නවීන තාක්ෂණයට වහාම මොවුන් හුරු කළ යුතුව ඇතැයි ද ප්රධාන පුහුණුකරු පවසයි.
“මලල ක්රීඩාවේ දස්කම් අතින් 1992 වසරේ 47 වන ස්ථානයේ සිටි චීනය අද පදක්කම් සටහනෙන් ලොව ප්රථම ස්ථානයට පැමිණ සිටිනවා. ඉන්දියාවත් අද ඉන්නේ එදාට වඩා සීග්ර දියුණුවක් ලබාගෙනයි. ඒත් අපගේ තත්ත්වය තවමත් දියුණු වී නෑ.“
ජවන සහ පිටිය මලල ක්රීඩාවෙන් දියුණු වීමට නම් ජවන අංශයේ (දිවීම) දස්කම් පෑමට අප ඉක්මනින්ම සුගතදාස ක්රීඩාංගණයේ හෝ දියගම පිටියේ මොන්ඩෝ ධාවන පථයක් ඉක්මනින්ම සකස් කර ගත යුතුයි. පැනීමේ ඉසව්වන්හි දී අප අසාර්ථක වූයේ එතෙර තරගාවලියන්හි දුව එන ධාවන පථ වේගවත් වීම නුහුරු වීම බාධකයක් වීමයි.
ක්රීඩක ක්රීඩිකාවන් දිවීම සඳහා පලඳින සපත්තු (Spikes) යුගල මාස තුනකට වරක්වත් මාරු කළ යුතුයි. එහෙත් මේවායේ වටිනාකම රුපියල් ලක්ෂයයි. පළපුරුදු පුහුණුකරුවන්ගේ සේවය සැපයීමට දීර්ඝ කාලීන සැළසුම් අවශ්යයි. එහෙත් දැනට පවතින කෙටි කාලීන පුහුණුව සාර්ථක වන්නේ නෑ.
ආසියානු ක්රීඩා උලෙළේ දී මලල ක්රීඩක ක්රීඩිකාවනගේ අසාර්ථකත්වය පිළිබඳව අද සැවොම ප්රශ්න කරනවා. ඊට පිළිතුරු දීම සඳහා අප සිදු කළ යුත්තේ ක්රීඩා විද්යාව හඳුන්වා දීම, නවීන තාක්ෂණ ක්රම අනුගමනය කිරීම සහ සුදුසුකම්ලත් ප්රවීණ පුහුණුකරුවන් සකස් කර ඔවුනගේ සේවය ලබා ගැනීමයි.
රුමේෂ් තරංග පතිරගේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දී අප රටට කීර්තියක් සහ ගෞරවයක් ගෙන ආවා. ඔහු අනිවාර්යයෙන්ම ඉදිරියටත් මෙය සිදු කරාවි. ක්රීඩා අමාත්යාංශයත් මෙරට ක්රීඩාවේ සංවර්ධනයටත් ආසියානු ක්රීඩා වැනි ජාත්යන්තර තරග සඳහාත් විශාල මුදලක් වැය කරනවා. ජාතික ඔලිම්පික් කමිටුව සහ මලල ක්රීඩා සංගමයත් පරිපාලනය වෙනුවෙන් මේ වන විට හොඳ කාර්යභාරයක් ඉටු කරමින් සිටීම සතුටක්.
දක්ෂ තරුණ ක්රීඩක ක්රීඩිකාවන් රැසක්ම අද මෙරටින් බිහිව සිටිනවා. ඔවුනගේ දක්ෂතා ඔපමට්ටම් කර ඔවුන් ජාත්යන්තරයට යොමු කිරීමට මේ වන විට සැළැස්මක් ක්රියාත්මක වන බව ද ආසියානු මලල ක්රීඩා තරගාවලියට සහභාගි වූ ශ්රී ලංකා කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු සහ කළමනාකරු අයප්පෙරුම රණසිංහ ප්රකාශ කරයි.
ආසියානු තරගාවලිය, ලෝක මලල ක්රීඩා තරගාවලිය, ඔලිම්පික් වැනි ජාත්යන්තර තරගාවලියන් රැසක්ම ඉදිරියේ දී පැවැත්වීමට නියමිත හෙයින් එහිදී දස්කම්පෑමට අපේක්ෂා කරන බව ද ප්රධාන පුහුණුකරු අයප්පෙරුම රණසිංහ පැවසීය.
ශ්රී ලංකාවේ මීටර 400 දුර දිවීමේ සහ පිරිමි 4 X 400 සහාය දිවීමේ කණ්ඩායමේ ප්රධාන ධාවක කාලිංග කුමාරගේ ගේ ප්රධාන පුහුණුකරු ලෙස ක්රියාකරන්නේ ද අයිලප්පෙරුම රණසිංහ ය. ඔහු කැලණිය විශ්වවිද්යාලයේ ජ්යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු වේ.
බන්දුල මොල්ලිගොඩ
The National Olympic Committee of Sri Lanka (NOC SL) was inaugurated on 8th April 1937 at a meeting of representatives of Athletic, Swimming and Boxing Associations. As resolved on this day, the first meeting of the Ceylon Olympic and Empire Games Association was held on 30th April 1937.
"Sri Lanka Olympic House",
100/9F, Independence Avenue,
Colombo-07
info@olympic.lk
+94-11-268-4420
+94-11-268-4429
NOC Sri Lanka © 2026. All rights reserved.
Powered by IDM Nations Campus.