Team Sri Lanka

 

 

කාන්තා ක්‍රිකට් රන් පදක්කම දිනන්න බැරි වූයේ පවර් ප්ලේ වෙලාවේ වැඩිපුර කඩුලු දැවී යාමෙනුයි - පිතිකරණ පුහුණුකරු දුමින්ද කියයි


කාන්තා ක්‍රිකට් රන් පදක්කම දිනන්න බැරි වූයේ පවර් ප්ලේ වෙලාවේ වැඩිපුර කඩුලු දැවී යාමෙනුයි - පිතිකරණ පුහුණුකරු දුමින්ද කියයි

Updated Date: 14th October, 2026

ජපානයේ අයිචි නගෝයා ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා ක්‍රිකට් රන් සහ රිදී පදක්කම් හිමි කර ගැනීමේ අවසාන තරගයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා සිටියත් ශ්‍රී ලංකාවට රන් පදක්කම දිනාගැනීමට අවස්ථාව උදා නොවුයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දියා කාන්තා කණ්ඩායම ලකුණු 211ක් රැස් කිරීමෙන් අපට ඕවරයකට ලකුණු 11ක් වැනි විශාල ලකුණු සංඛ්‍යාවක් ප්‍රථම ඕවරයේ සිට ම ලබා ගැනීමට සිදු වූ නිසා යැයි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ පන්දුවට පහරදීමේ පුහුණුකරු දුමින්ද පෙරේරා සඳහන් කරයි.

රන් පදක්කම දිනාගැනීමේ අපේක්ෂාවෙන් අප එවැනි ලකුණු ප්‍රමාණයක් කරා යාමට උත්සාහ දරද්දී පවර් ප්ලේ ඕවර කිහිපය තුළ ඉදිරිපෙළ කඩුලු හතරක්ම දැවී යාමෙන් අපේක්ෂා කළ පරිදි ජයග්‍රහණය කරායාමට අවස්ථාව නොලැබුණු බව ද දුමින්ද පෙරේරා පවසයි.

“ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණියන් දෙදෙනා පසුගිය තරග දෙක තුනේ දී ම අප සමග හොඳින් දස්කම් දැක්වුයේ ප්‍රථම කඩුල්ලට ශතකයක් වැනි සබඳතාවයකින් වැඩි ලකුණු සංඛ්‍යාවක් රැස් කර ගැනීමෙනුයි. එය අපට විශාල පාඩුවක් සිදු වූවා මෙන්ම ඉන්දියාවට ඉනිම වෙනුවෙන් ස්ථාවර ලකුණු ප්‍රමාණයක් කරා යාමටත් අවස්ථාවක් ලැබුණා. අනාගතයේ දී ඉන්දියාව සමග පැවැත්වෙන තරගවල දී මේ සබඳතාව ඉක්මනින්ම දවාගැනීම අපගේ අපේක්ෂාවයි.“

කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරි සැළසුම් මොනවාදැයි විමසු විට දුමින්ද පෙරේරා පැවසුවේ දෙසැම්බර් මස ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්දින තරග තුනකට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන එම තරගාවලියටත් ජනවාරි - පෙබරවාරි මාස වන විට ඉන්දියාවේ දී රටවල් හයක සහභාගිත්වයෙන් පැවැත්වෙන “චැම්පියන් කුසලාන“ කාන්තා ක්‍රිකට් තරගාවලියටත් සාර්ථකව මුහුණදීමටත් අප ලබන සතියේ සිට ම පුහුණුවීම් ආරම්භ කරන බවය.

මේ වන විට පැරැණි පළපුරුදු පිතිකාරිණියන් වන නායිකාව චමරි අතපත්තු, ඉමේෂා දුලානි සහ හසිනි සමරවික්‍රමට අමතරව යොවුන් පිතිකාරිණියන් ලෙස සංජානා කාවින්දි, හර්ෂිතා සමරවික්‍රම, විශ්මි ගුණරත්න සහ කවීෂා දිල්හාරි හොඳින්ම පන්දුවට පහර දීම අනාගතයේ දී දක්ෂතා දැක්වීමට සුබ ලකුණක්.

පන්දු යවන්නියන් අතුරින් සුගන්ධිකා කුමාරි, මිතාලි අයෝධ්‍යා, කාව්‍යා කාවිඳි, කවීෂා දිල්හාරි සහ චමුදි ප්‍රමෝදා දස්කම් දක්වනවා.
අපගේ අරමුණ ඉදිරි තරගාවලියන් සඳහා ක්‍රීඩිකාවන් හොඳින්ම සූදානම් කිරීම යැයි ද දුමින්ද පෙරේරා පවසයි.

බන්දුල මොල්ලිගොඩ


Our Partners
MAS Lovi Cinnamon Carnage Akbar IDM

The Olympic Partners


About us

The National Olympic Committee of Sri Lanka (NOC SL) was inaugurated on 8th April 1937 at a meeting of representatives of Athletic, Swimming and Boxing Associations. As resolved on this day, the first meeting of the Ceylon Olympic and Empire Games Association was held on 30th April 1937.


Get In Touch

"Sri Lanka Olympic House",
    100/9F, Independence Avenue,
    Colombo-07

info@olympic.lk

+94-11-268-4420

+94-11-268-4429

NOC Sri Lanka © 2026. All rights reserved.

Powered by IDM Nations Campus.