Team Sri Lanka

 

 

මෙවර ආසියානු ක්‍රීඩා උලෙළේ දී අපගේ වැඩිම පදක්කම් ප්‍රමාණය අපේක්ෂා කරනවා - ක්‍රීඩා ඇමැති කියයි


මෙවර ආසියානු ක්‍රීඩා උලෙළේ දී අපගේ වැඩිම පදක්කම් ප්‍රමාණය අපේක්ෂා කරනවා - ක්‍රීඩා ඇමැති කියයි

Updated Date: 17th September, 2026

මෙවර ආසියානු ක්‍රීඩා උලෙළේ දී අපගේ වැඩිම පදක්කම් ප්‍රමාණය අපේක්ෂා කරනවා - ක්‍රීඩා ඇමැති කියයි.
 
 ජපානයේ අයිචි - නගෝයා නගරයේ පැවැත්වෙන විසිවන ආසියානු ක්‍රීඩා උලෙළට සහභාගි වන සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවනට පදක්කම් දිනා ගැනීමට නොහැකි වුවත් මෙවර ආසියානු ක්‍රීඩා උලෙළේ දී වැඩිම ආසියානු ක්‍රීඩා පදක්කම් සංඛ්‍යාවක් හිමි කර ගැනීම අපගේ අපේක්ෂාව යැයි යෞවන කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ආසියානු ක්‍රීඩා උලෙළට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවනට සුබ පැතීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ දී බදාදා (09) සවස පැවැති සුබ පැතීමේ උත්සවයේ දී ප්‍රකාශ කළේය.
 ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රීඩා ඉසව් 24කට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වන බවත් ඒ සඳහා දක්ෂතා පෙන්වන මෙරට උපරිම ක්‍රීඩක ක්‍රීඩිකාවන් යවන ලෙසට තමා අදාළ නිලධාරීනට උපදෙස් ලබා දුන් බවත් ක්‍රීඩා අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
 ක්‍රීඩා උලෙළට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීම අදාළ ක්‍රීඩා සංගම්වල තේරීම් කමිටු නිලධාරීන් විසින් නියමිත කාලසීමාවන්හි සිදු කර කලට වේලාවට ජපානයට යාමට වීසා ලබා ගැනීම සංගම්වල අදාළ නිලධාරීන් කටයුතු කර සහය දිය යුතු බව කී ක්‍රීඩා අමාත්‍යවරයා නියමිත වේලාවට ක්‍රීඩකයන් තේරීම සහ වීසා ලබා ගැනීම අමාත්‍යාංශයේ කටයුත්තක් නොවන බව ද පැවසීය.
 මෙරට ක්‍රීඩා සංවර්ධනය උදෙසා ක්‍රීඩා අමාත්‍යාංශය විශාල මුදල් ප්‍රමාණයක් වැය කරන බව කී සුනිල් කුමාර ගමගේ මහතා ඉන් නිසි ප්‍රයෝජන ගෙන ජාතික සහ ජාත්‍යන්තර මට්ටම ජය ගැනීමට උපදෙස් දී පියවර ගැනීම අදාළ නිලධාරීන් සතු යුතුකමක් බව ද කීවේය.
 මාස් ඇඟලුම් ආයතනය ක්‍රීඩා උලෙළට සහභාගි වන (ඉසව් 24ට) සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවනට වර්ණ ඇඳුම් කට්ටල අලංකාරව මසා නිම කර පරිත්‍යාග කර තිබූ අතර එම ඇඳුම් ඇඳගත් ඒ ඒ ක්‍රීඩාවල ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක බැගින් ඩන්කන් වයිට් ශ්‍රවණාගාර වේදිකාවේ ඒවා ප්‍රදර්ශනය කිරීම කාගෙත් සිත් ගත් අවස්ථාවක් විය.
 මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා නව තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකුම මෙවර ආසියානු ක්‍රීඩා උලෙළේ දී අප රටින් බිහිවනු ඇතැයි අපේක්ෂා කරන බව ද සඳහන් කළේය.
 ක්‍රීඩා උලෙළට සහභාගි වන ඇතැම් ක්‍රීඩා සංගම්වලට අයත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගුවන් ප්‍රවේශ පත්‍ර ද ගෙන හෙට යාමට ඇත්නම් අද පැමිණ වීසා පිළිබඳව විමසන බවත් මෙය ජාතික ඔලිම්පික් කමිටුවේ හෝ ක්‍රීඩා අමාත්‍යාංශයේ වරදක් නොව අදාළ සංගම් විසින්ම කළ යුත්තක් බව ද මෙහිදී ක්‍රීඩා අමාත්‍යවරයා පැවසීය.
 ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකු තමන්ට තේරීමේ දී අසාධාරණ සිදු වූ බවට පැමිණිලි කර ඇතැයි කී ක්‍රීඩා අමාත්‍යවරයා ඔවුනට සාධාරණය ඉටු කිරීම අදාළ ක්‍රීඩා සංගමය සතු යුතුකමක් වන්නේ යැයි ද කීය. වැරදි කරන සියලු ක්‍රීඩා සංගම් විසුරුවා හැර අතුරු කමිටු මගින් ක්‍රීඩාව පාලනය කළ නොහැකි බව කී ගමගේ මහතා විනයානුකූලව නීතිරීතිවලට ගරු කරමින් කටයුතු කිරීම ක්‍රීඩා සංගම් සහ තේරීම් කමිටු සතු යුතුකමක් වන්නේ යැයි ද කීය.
 ජපානයේ පැවැත්වෙන 20 වන ආසියානු ක්‍රීඩා උලෙළ සාර්ථක කර ගැනීමට ජාතික ඔලිම්පික් කමිටුව ලබා දුන් පූර්ණ සහයෝගයට තමා අදාළ නිලධාරීනට උපරිමයෙන් කෘතඥ වන්නේ යැයි ද ඒ මහතා ප්‍රකාශ කළේය.
 මේ අවස්ථාවට ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ඒ.එච්.එම්.යූ. බණ්ඩාර, ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් රිෆ්ඩි ෆාමි, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අච්චු තාන් යන මහත්වරුන් ද සහභාගි වුහ.


Our Partners
MAS Lovi Cinnamon Carnage Akbar IDM

The Olympic Partners


About us

The National Olympic Committee of Sri Lanka (NOC SL) was inaugurated on 8th April 1937 at a meeting of representatives of Athletic, Swimming and Boxing Associations. As resolved on this day, the first meeting of the Ceylon Olympic and Empire Games Association was held on 30th April 1937.


Get In Touch

"Sri Lanka Olympic House",
    100/9F, Independence Avenue,
    Colombo-07

info@olympic.lk

+94-11-268-4420

+94-11-268-4429

NOC Sri Lanka © 2026. All rights reserved.

Powered by IDM Nations Campus.