Team Sri Lanka

ක්‍රීඩා සංවර්ධන කටයුතු යාවත්කාලීන කිරීමට ජාතික ඔලිම්පික් කමිටුවේ පූර්ණ සහයෝගය දෙනවා - සභාපති අසංග සෙනෙවිරත්න
මෙරට ක්‍රීඩාව උසස්ම මට්ටමකට ගෙන ඒම සඳහා ජාතික ඔලිම්පික් කමිටුව මගින් සිදු කළ යුතු සේවාව උපරිමයෙන් ඉටු කිරීමට තමා ඇතුළු නව නිලධාරී මණ්ඩලය කටයුතු කරන්නේ යැයි ජපානයේ අයිචි - නගෝයා විසිවන ආසියානු ක්‍රීඩා උලෙළට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවනට සහ නිලධාරීන් හට සුබ පැතීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ පැවැති සුබ පැතීමේ උත්සව සභාව අමතමින් ජාතික ඔලිම්පික් කමිටු සභාපති අසංග සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේය.
ක්‍රීඩාවේ දියුණුවට අවශ්‍ය යටිතල පහසුකම් නිසි පරිදි සැපයීම නවීන ක්‍රමවේදයන්ට පිවිසීම සියලු ක්‍රීඩා සංවර්ධන කටයුතු යාවත්කාලීන කිරීමට ජාතික ඔලිම්පික් කමිටුවේ පූර්ණ සහයෝගය ඉදිරියේ දී සැපයෙනු ඇතැයි ද ඒ මහතා සඳහන් කරයි.
ආසියානු ක්‍රීඩා උලෙළට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ප්‍රධාන අරමුණක් විය යුත්තේ තම පුද්ගලික හැකියාවන් උපරිමයෙන් ප්‍රදර්ශනය කිරීම බව පෙන්වා දුන් ඔහු එසේ කිරීමෙන් ජාත්‍යන්තර දක්ෂතම ක්‍රීඩකයන්ගේ ඝනයට අපේ ක්‍රීඩකයනටත් ළඟා විය හැකි බව ද කීවේය.
මෙහිදී වැඩිදුර අදහස් දැක් වූ ඔලිම්පික් කමිටු සභාපති අසංග සෙනෙවිරත්න මහතා විසිවන ආසියානු ක්‍රීඩා උලෙළට 11,000ක වැඩි පිරිසක් සහභාගි වන අතර එය සලකනුයේ ලොව විශාලම ක්‍රීඩා උලෙළ ලෙසටය. මීට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයන් සියයක් ක්‍රීඩිකාවන් 56ක් ඇතුළුව දෙසිය හතළිහක පමණ පිරිසක් අයත් වේ. ශ්‍රී ලංකා කණ්ඩායමට මේ තරගාවලියට යාමට පූර්ණ අනුග්‍රහය දැක්වූ යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අමාත්‍යාංශයේ ලේකම් අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු සියලු නිලධාරීනට ඒ වෙනුවෙන් ජාතික ඔලිම්පික් කමිටුවේ ප්‍රණාමය මේ අවස්ථාවේ පුද කිරීමට කැමැත්තෙමි.
අපගේ අපේක්ෂාව මෙවර වැඩි පදක්කම් සංඛ්‍යාවක් දිනා ගැනීමයි. මීට පෙර අප ලබා ඇති වැඩිම ආසියානු පදක්කම් සංඛ්‍යාව හයකි.
මලල ක්‍රීඩාවෙන් මෙවර වැඩි පදක්කම් සංඛ්‍යාවක් හිමි කර ගැනීම අපගේ අපේක්ෂාවයි. පිරිමි විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ දී අපි මුලින්ම තරග වදින්නේ පාකිස්තානය සමගයි. ප්‍රබල ඉන්දියාවත් මේ තරගාවලියේ සිටිනවා. අපේ අපේක්ෂාව මෙම තරග ජය ගැනීමයි.
අපගේ රගර්, ගොල්ෆ් යන ක්‍රීඩකයන් ද මෙවර දක්ෂතාවයන් අතරට පැමිණේවි. නන්දසේන පෙරේරා වැනි ගොල්ෆ් ක්‍රීඩකයන් තව තවත් ඉදිරියේ දී අපේ රටින් බිහිවේවි. රගර් ක්‍රීඩාවෙන් අප මේ වන විට චීනය, කොරියාව සහ ජපානය වැනි ප්‍රබලයන්ගේ මඳක් ආසන්නයට පැමිණෙමින් සිටීම සතුටක්.
මෙරට ක්‍රීඩා සංවර්ධනයට ජාතික ඔලිම්පික් කමිටුවෙන් එතරම්ම විශාල කාර්යයක් පසුගිය වසර හතළිහ පුරාම සිදුවූවා යැයි සිතීම අපහසුයි. තමා සභාපති ධූරය දරණ මෙවර නව ඔලිම්පික් කමිටුව තේරී පත් වු සෙසු නිලධාරීන් සමග ඉක්මන් සංවර්ධන ගමනක් යාමට අපේක්ෂාවෙන් පසුවනවා. මේ අනුව ක්‍රීඩාව පරිපාලනය යාවත්කාලීන කිරීමටත් නවීන ක්‍රම උපයෝගී කර ගැනීමත් අපේක්ෂා කරමි.
මෙවර ජපානයේ ක්‍රීඩා උලෙළට සහභාගි වන සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවනට උපරිම දක්ෂතා දැක්වීමට ශක්තිය ධෛර්යය හා වාසනාව උදා වේවායි ප්‍රාර්ථනා කරන බව ද ජාතික ඔලිම්පික් කමිටු සභාපති අසංග සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේය.
ක්‍රීඩාවේ දියුණුවට රටක ආර්ථික තත්ත්වයන් ද විවිධ අයුරින් බලපාන බව කී ඒ මහතා මේ සියලු අවශ්‍යතාවයන්ට ඉදිරියේ දී සාර්ථකව මුහුණදීමට අපේක්ෂා කරන බව ද කීවේය.
The National Olympic Committee of Sri Lanka (NOC SL) was inaugurated on 8th April 1937 at a meeting of representatives of Athletic, Swimming and Boxing Associations. As resolved on this day, the first meeting of the Ceylon Olympic and Empire Games Association was held on 30th April 1937.
"Sri Lanka Olympic House",
100/9F, Independence Avenue,
Colombo-07
info@olympic.lk
+94-11-268-4420
+94-11-268-4429
NOC Sri Lanka © 2026. All rights reserved.
Powered by IDM Nations Campus.