Team Sri Lanka

ජපානයේ අයිචි නගෝයා නගරයේ කොරෝගි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (22) පැවැති ශ්‍රී ලංකා - ඉන්දියා ආසියානු කුසලාන කාන්තා විස්සයි 20 අවසාන මහා ක්‍රිකට් තරගයේ දී ජයග්‍රාහිකාවන් වූ ඉන්දියාවට රන් පදක්කමත් අනු සූරියන් වූ ශ්‍රී ලංකාවට රිදී පදක්කමත් පිරිනැමිණි.
ශ්‍රී ලංකාව මෙවර ආසියානු ක්‍රීඩා උලෙළේ පදක්කම් දිනු ප්‍රථම අවස්ථාව මෙය වේ.
මේ තරගයේ දී කාසියේ වාසිය දිනු ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම තීරණය කළේ මුලින්ම පන්දුවට පහරදීමටය. ඔවුන් ගත් තීරණය නිවැරදි වුයේ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු තුනකට ලකුණු 216ක් රැස් කිරීමෙනි.
ඉන්දීය කණ්ඩායමේ ලකුණු රැස් කිරීමේ වේගය පන්දුවාරයකට 10.81ක් වන පරිදි ඉහළ මට්ටමක පැවැතිණි. පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පන්දුවාර 15.4ක දී සියලු පිතිකාරිණියන් දැවී රැස් කර ගත හැකි වුයේ ලකුණු 69කි. එහි පන්දුවාරයකට වේගය 4.41කි.
ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් දස්කම් දැක් වු පිතිකාරිණියන් වුයේ ස්මිරිටි මන්දනා (ලකුණු 79යි පන්දු 45යි හතරේ පහයි හයේ හතයි) රිචා ගෝෂ් (නොදැවී 49යි පන්දු 22යි හතරේ හයයි හයේ තුනයි) සහ ෂෆාලි වර්මා (ලකුණු 48යි පන්දු 29යි හතරේ තුනයි හයේ තුනයි)
ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලැබු පිතිකාරිණිය වූ ආරම්භක පිතිකාරිණිය චමරි අතපත්තු ලකුණු 29ක් රැස් කළේ පන්දු 21කට මුහුණ දී හතරේ පහර පහක් ද සමගිනි. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වෙනුවෙන් වැඩිම සබඳතාවයක් තබා ගත්තේ ආරම්භක ප්‍රථම කඩුල්ලට නායිකාව චමරි අතපත්තු සහ ඉමේෂා දුලානි රැස් කළ ලකුණු 18ය.
ඉන්දීය පිතිකාරිණියන් අතුරින් දීප්ති ෂර්මා ලකුණු හයකට කඩුලු 3ක් ද ෂෆාලි වර්මා ලකුණු තුනකට කඩුලු දෙකක් ද ෂෙයාකා පටෙල් ලකුණු නවයකට කඩුලු දෙකක් ද දවාලුහ.
ලකුණු පුවරුව
ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20ක දී කඩුලු 3ක් දැවී ලකුණු 216යි - (ස්මිරිටි මන්දනා 79, රිචා ගෝෂ් නොදැවී 49, ෂෆාලි වර්මා 48, සුගන්ධිකා කුමාරි 37/1, කවීෂා දිල්හාරි 35/1, චමුදි ප්‍රබෝධා 34/1)
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 15.4ක දී සියල්ල දැවී ලකුණු 69යි - (චමරි අතපත්තු 29, කෞෂානි නුත්‍යාංගනා 14, කවීෂා දිල්හාරි 11, දීප්ති ෂර්මා 6/3, ෂෆාලි වර්මා 3/2, ෂෙයේකා පටෙල් 9/2)
The National Olympic Committee of Sri Lanka (NOC SL) was inaugurated on 8th April 1937 at a meeting of representatives of Athletic, Swimming and Boxing Associations. As resolved on this day, the first meeting of the Ceylon Olympic and Empire Games Association was held on 30th April 1937.
"Sri Lanka Olympic House",
100/9F, Independence Avenue,
Colombo-07
info@olympic.lk
+94-11-268-4420
+94-11-268-4429
NOC Sri Lanka © 2026. All rights reserved.
Powered by IDM Nations Campus.