Team Sri Lanka

ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුම මූලික වටයේ දී අද ජය ගනිති
ජපානයේ අයිචි නගෝයා විසිවන ආසියානු ක්‍රීඩා උලෙළේ සිව්වන දිනය වු අද (22) ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුම මූලික වටයේ දී දක්ෂතා පෙන්වමින් ජයග්‍රහණ අත්කර ගත්හ.
ශ්‍රී ලංකා කාන්තා පැසිපන්දු කණ්ඩායම මූලික වටයේ දී කටාර් රාජ්‍යය ලකුණු 19 -16කින් පරාජයට පත් කළේය.
ටේබල් ටෙනිස් මිශ්‍ර යුගල මූලික වටයේ දී ශ්‍රී ලංකාවේ බිමන්දි බණ්ඩාර සහ චමල් දුල්සෙන් මෙදින කටාරයේ මිශ්‍ර යුගල ක්‍රීඩිකාව සහ ක්‍රීඩකයා පරාජයට පත් කළේ ඉතාමත් පහසු ආකාරයකිනි.
කාන්තා බොක්සිං මූලික වටයේ තරගයේ දී (කිලෝග්‍රෑම් 5) ශ්‍රී ලංකාවේ නදීකා පුෂ්පකුමාරි වට 5 – 0කින් ඇෆ්ගනිස්තාන ක්‍රීඩිකාව පරාජය කළාය.
• කාන්තා පැසිපන්දු කණ්ඩායම කටාර් පරාජය කරයි.
ශ්‍රී ලංකා කාන්තා පැසිපන්දු කණ්ඩායම පැසිපන්දු 3 X 3 රවුන්ඩ් රොබින් පූල් ‘ඒ‘ දෙවැනි තරගයේ දී ලකුණු 19 - 16කින් කටාර් රාජ්‍යය පරදා ජය ලැබීය.
• ටේබල් ටෙනිස් (මේසපන්දු) මිශ්‍ර යුගල තරගයේ දී ශ්‍රී ලංකාවේ බිමන්දි බණ්ඩාර සහ චමිල් දුල්සෙන් කටාරයේ මිශ්‍ර යුගල දෙදෙනා පරාජය කරයි.
මේසපන්දු මිශ්‍ර යුගල පළමු වටයේ 23 තරගයේ දී ශ්‍රී ලංකාවේ බිමන්දි බණ්ඩාර සහ චමිල් දුල්සෙන් තරග 3 -1කින් කටාරයේ මරියම් අලි සහ අබ්දුල්ලා අල්බු හුසේන් පරාජයට පත් කළහ.
ශ්‍රී ලංකාවේ බිමන්දි සහ දුල්සෙන් මේ තරගය ජය ගත්තේ 7 -11, 12 -10, 11 – 3 සහ 11 – 4 යන පහසු ආකාරයකිනි.
ශ්‍රී ලංකා ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව තෙවන සහ සිව්වන තරග පහසුවෙන්ම ජය ගැනීම විශේෂත්වයයි. මොවුන් දෙදෙනා තනි කේවල සහ මිශ්‍ර යුගල තරගවලට සහභාගි වන අතර මොවුනගේ අපේක්ෂාව ලෝක ශ්‍රේණිගත කිරීමේ දී පළමු 16ට සහ 32ට ඇතුළත්වීමය.
• බොක්සිං කාන්තා කිලෝග්‍රෑම් 51 මූලික වට 10 තරගය ශ්‍රී ලංකාවේ නදීකා පුෂ්පකුමාරි ඇෆ්ගනිස්තානයේ ලාලා කාගාර් පරාජය කරයි.
කාන්තා බොක්සිං කිලෝග්‍රෑම් 51 මූලික වටයේ තරගයේ දී ශ්‍රී ලංකාවේ නදීකා පුෂ්පකුමාරි වට 5 - 0කින් පහසුවෙන්ම ඇෆ්ගනිස්තානයේ ලාලා කාගාර් පරාජය කළාය.
• පිහිනුම් කාන්තා මීටර 200 පිටුපස ආර ප්‍රථම මූලික ඉසව්වේ දී මිනාගි රූපසිංහ හයවන ස්ථානයට පත්වෙයි.
මිනාගි රූපසිංහ කාන්තා මීටර 200 පිටුපස ආර පළමු මූලික තරග ඉසව් මිනිත්තු 2යි තත්පර 22.41ක දී නිමකර මූලික වටයේ හයවන ස්ථානයට පත්විය.
ඇය සමස්ත ශ්‍රේණිගත කිරීමේ දී 17 වන ස්ථානය හිමිකර ගත්තාය.
• බොක්සිං කාන්තා කිලෝග්‍රෑම් 54 මූලික වට 10 තරගයේ දී කේෂානි හංසිකා පරාජය වේ.
බොක්සිං කාන්තා කිලෝග්‍රෑම් 54 මූලික වටයේ තරගයේ දී වියට්නාමයේ ති කිම් අන් වෝ වට 5 - 0කින් කේෂානි පරාජය කරයි.
• බොක්සිං පිරිමි තරගයේ දී ඉරාකයේ අබ්බාස් ශ්‍රී ලංකාවේ රුක්මල් පරාජය කරයි.
පිරිමි කිලෝග්‍රෑම් 55 මූලික වට 16 තරගයේ දී ඉරාකයේ අබ්බාස් අල් සරේ වෙතින් ශ්‍රී ලංකාවේ රුක්මල් පැරදවිය. විනිසුරු තරගය අතරමග නතර කළේය.
The National Olympic Committee of Sri Lanka (NOC SL) was inaugurated on 8th April 1937 at a meeting of representatives of Athletic, Swimming and Boxing Associations. As resolved on this day, the first meeting of the Ceylon Olympic and Empire Games Association was held on 30th April 1937.
"Sri Lanka Olympic House",
100/9F, Independence Avenue,
Colombo-07
info@olympic.lk
+94-11-268-4420
+94-11-268-4429
NOC Sri Lanka © 2026. All rights reserved.
Powered by IDM Nations Campus.