Team Sri Lanka

 

 

ආසියානු ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 86ක ජයග්‍රහණයක්


ආසියානු ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 86ක ජයග්‍රහණයක්

Updated Date: 19th September, 2026

ආසියානු ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 86ක ජයග්‍රහණයක්
 
 
 
 විසිවන ආසියානු ක්‍රීඩා උළෙලේ සිකුරාදා (18) කොරෝගි ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා - මැලේසියා කාන්තා විස්සයි 20 අර්ධ අවසාන පූර්ව තරගයෙන් ලකුණු 86ක ජයග්‍රහණයක් අත්කරගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉරිදා (20) පැවැත්වෙන අවසාන පූර්ව තරගයට සුදුසුකම් ලැබීය.
 
 ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මේ තරගයේ කාසියේ වාසිය දිනා තීරණය කළේ මුලින්ම පන්දුවට පහරදීමටය.
 
 පන්දුවාර 20 අවසානයේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කඩුලු හතරක් දැවී රැස් කළ ලකුණු 160ට පිළිතුරු ලෙස මැලේසියා කාන්තා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු හතක් දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 74ක් පමණකි.
 
 ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ මීළඟට පැවැත්වෙන අවසාන පූර්ව තරගය ලබන ඉරිදා පැවැත්වෙනුයේ පාකිස්තානය සමගය. එම තරගය ජය ගතහොත් ශ්‍රී ලංකා කණ්ඩායම 22 වැනිදා පැවැත්වෙන අවසාන මහා තරගයට සුදුසුකම් ලබනු ඇත.
 
 අද (18) කොරෝගි ක්‍රීඩා සංකීර්ණයේ දී ආරම්භ වූ ශ්‍රී ලංකා මැලේසියා තරගයේ දී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු හතරකට ලකුණු 160ක් රැස් කළේ පන්දුවාරයකට ලකුණු අටක් වන පරිදිය.
 
 වැඩිම ලකුණු ලාභිනිය වූ ආරම්භක පිතිකාරිණිය නායිකාව චමරි අතපත්තු පන්දු 37කට පමණක් මුහුණ දී හතරේ පහර හතක් සහ හයේ පහර තුනක් සමග ලකුණු 63ක් රැස් කළාය. මීට අමතරව අංක හතර පිතිකාරිණිය කවීෂා දිල්හාරි පන්දු 27ක දී හතරේ පහර හයක් සමග නොදැවී ලකුණු 44ක් ද අංක පහ පිතිකාරිණිය හර්ෂිතා සමරවික්‍රම පන්දු 18ක දී හතරේ පහර තුනක් සමග ලකුණු 25ක් ද අංක තුන පිතිකාරිණිය හසිනි පෙරේරා පන්දු 26ක දී හතරේ තුනක් සමග ලකුණු 23ක් ද රැස් කළහ.
 
 ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ හොඳම සබඳතාව වූයේ දෙවන කඩුල්ලට නායිකාව චමරි අතපත්තු සහ හසිනි පෙරේරා පන්දු 53ක දී එක් කළ ලකුණු 80 වේ.
 
 මැලේසියා කාන්තා කණ්ඩායම පන්දුවට පහර දෙන අවස්ථාවේ දක්ෂ පන්දු යැවීමක නිරත වූ ශ්‍රී ලංකා නායිකාව චමරි අතපත්තු ලකුණු තුනකට කඩුලු දෙකක් ද කවීෂා දිල්හාරි ලකුණු හතරකට කඩුලු දෙකක් ද මිතාලි අයෝධ්‍යා ලකුණු 15කට කඩුලු දෙකක් ද දවාලුහ.
 
ලකුණු පුවරුව
 
 ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 20ක දී කඩුලු 4ක් දැවී ලකුණු 160 – (චමරි අතපත්තු 63, කවීෂා දිල්හාරි නොදැවී 44, හර්ෂිතා සමරවික්‍රම 25, හර්ෂනි පෙරේරා 23, නුරින් ඉමානි 29/3)
 
මැලේසියා කාන්තා කණ්ඩායම පන්දුවාර 20ක දී කඩුලු 7ක් දැවී ලකුණු 74 – (විනිෆ්‍රෙඩ් දුරාසිංගම් 28, මහිරා ඉස්මයිල් 24, චමරි අතපත්තු 3/2, කවීෂා දිල්හාරි 4/2, මිතාලි අයෝධ්‍යා 15/2)
 
Bandula Molligoda


Our Partners
MAS Lovi Cinnamon Carnage Akbar IDM

The Olympic Partners


About us

The National Olympic Committee of Sri Lanka (NOC SL) was inaugurated on 8th April 1937 at a meeting of representatives of Athletic, Swimming and Boxing Associations. As resolved on this day, the first meeting of the Ceylon Olympic and Empire Games Association was held on 30th April 1937.


Get In Touch

"Sri Lanka Olympic House",
    100/9F, Independence Avenue,
    Colombo-07

info@olympic.lk

+94-11-268-4420

+94-11-268-4429

NOC Sri Lanka © 2026. All rights reserved.

Powered by IDM Nations Campus.