Team Sri Lanka

ජපානයේ අයිචි නගෝයා මලල ක්‍රීඩාංගණයේ අද (25) පැවැති 2026 වසරේ ආසියානු ක්‍රීඩා උලෙළේ මලල ක්‍රීඩා පිරිමි මීටර 400 පළමු වටයේ දෙවන මූලික තරගයට ඉදිරිපත් වූ ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ මේ ඉසව්වේ අවසාන මහා තරගයට සුදුසුකම් ලැබීය.
මේ තේරීමේ තරගයේ දී ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ සමග කටාර ක්‍රීඩකයා සහ ඉන්දීය ක්‍රීඩකයා අතර තියුණු තරගයක පැවැතිණි. තරගය නිමවීමට අවසාන මීටර කිහිපයේ දී කාලිංගගේ දකුණු පසින් ඉන්දීය ක්‍රීඩකයාත් වම් පසින් කටාර ක්‍රීඩකයාත් අතර උණුසුම් සටනක් පැවැතිණි.
කාලිංග කුමාරගේ තරගය නිමවීමට මීටරයක් දෙකක් වනතුරු ඉදිරියෙන් සිටියත් අවසාන මොහොතේ වේගය මඳක් අඩාලව ඔහු තෙවන ස්ථානයට පත්වුයේ අවසාන තරගයට සුදුසුකම් හිමිකර ගනිමිනි.
පදක්කම් හිමි වන මෙම පිරිමි මීටර 400 අවසාන තරගය ඉතාමත් තියුණු මුහුණුවරක් ගනිතැයි අපේක්ෂිතය.
මෙහි දෙවන තේරීමේ තරගයට සහභාගි වූ ශ්‍රී ලංකාවේ කල්හාර ඉඳුප ද දක්ෂ ලෙස ධාවනයක නිරතව එම මූලික තරගය නිම කළේ පස්වැනි ස්ථානයටය.
මෙදින පැවැති සෙසු තරග අතුරින් පිරිමි බැඩ්මින්ටන් තනි (කේවල) තරගයේ දී ශ්‍රී ලංකාවේ දුමිඳු අබේවික්‍රම වට 2 - 0කින් නේපාලයේ ප්‍රෆුල් මහරාජන් පරදා ජය ලැබීය.
දුමිඳු එම තරගය පහසුවෙන් ජය ගත්තේ ලකුණු 21 - 06 සහ 21 - 08ක් ලෙසිනි.
බොක්සිං පිරිමි කිලෝග්‍රෑම් 60ට අඩු බර පංතියේ දී ශ්‍රී ලංකාවේ රවිඳු ජයනාත් සහ ඇෆ්ගනිස්තානයේ එමාල් හම්ඩම් අතර තියුණු සටනක් පැවැති අතර අවසානයේ ජය අත්වුයේ ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයාටය.
• මලල ක්‍රීඩා පිරිමි මීටර 400 පළමු වටය - ඉසව් - 2
කාලිංග කුමාරගේ (ශ්‍රී ලංකාව) - කාලය - තත්පර 45.74
ශ්‍රේණිගත කිරීම - තෙවන ස්ථානය
සමස්ත ශ්‍රේණිගත කිරීම - අටවන ස්ථානය
අවසාන තරගයට සුදුසුකම් ලැබීය.
• මලල ක්‍රීඩා පිරිමි මීටර 400 පළමු වටය - ඉසව්ව - 3
කල්හාර ඉඳුප (ශ්‍රී ලංකාව)
ශ්‍රේණිගත කිරීම - පස්වන ස්ථානය - කාලය - තත්පර - 46.53
සමස්ත ශ්‍රේණිගත කිරීම - 15 වන ස්ථානය
• බැඩ්මින්ටන් කේවල (තනි) පළමු වටය - 25 තරගය
දුමිඳු අබේවික්‍රම (ශ්‍රී ලංකාව) වට 2 – 0කින් ප්‍රෆුල් මහරාජන් (නේපාලය) පරාජය කළේය.
ලකුණු තත්ත්වය 21 - 06 සහ 21 – 08යි
• සුළං සර්ෆින් (පිරිමි කෙටි ලෑල්ල - (Short Board) වට 01 - ඉසව් - 07
නුචිත ඉරුන්දික (ශ්‍රී ලංකාව)
ශ්‍රේණිගත කිරීම - දෙවන ස්ථානය - ප්‍රතිඵලය - 8.93
• ටේබල් ටෙනිස් (මේස පන්දු) කාන්තා කේවල (තනි) දෙවන වටය - 13 තරගය
ජු චියොන්පුයි (කොරියානු සමූහාණ්ඩුව)
වට 4 - 0කින් බිමන්දි බණ්ඩාර (ශ්‍රී ලංකාව)
ලකුණු - 11 – 8, 11 – 7, 11 – 2, සහ 11 – 4කින් පරාජය කරයි.
• බොක්සිං පිරිමි කිලෝග්‍රෑම් 60ට අඩු මූලික වටය - වට 16
රවිඳු ජයනාත් (ශ්‍රී ලංකාව) ලකුණු - 01
එමාල් හම්ඩම් (ඇෆ්ගනිස්තානය) ලකුණු - 04
ජයග්‍රහණය ඇෆ්ගනිස්තානය වට 4 – 1
The National Olympic Committee of Sri Lanka (NOC SL) was inaugurated on 8th April 1937 at a meeting of representatives of Athletic, Swimming and Boxing Associations. As resolved on this day, the first meeting of the Ceylon Olympic and Empire Games Association was held on 30th April 1937.
"Sri Lanka Olympic House",
100/9F, Independence Avenue,
Colombo-07
info@olympic.lk
+94-11-268-4420
+94-11-268-4429
NOC Sri Lanka © 2026. All rights reserved.
Powered by IDM Nations Campus.